දොස්තර රන්ජිත් අතපත්තු මැතිතුමා දිවි සැරිය නිම කරයි.

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂව බෙලිඅත්තේම පැරැදවූ දොස්තර රන්ජිත් අතපත්තු මැතිතුමා දිවි සැරිය නිම කරයි.

1977 වසරේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දොස්තර රන්ජිත් අතපත්තු මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ එවකටත් රාජපක්ෂ බලකොටුව ලෙස හැඳින්වූ බෙලිඅත්ත ආසනයෙන්ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (පොඩි පුතා) පරදවමිනි.

1977 යුග පෙරලියේ සැබෑම උරුමකරුවෙක් වූ එතුමන්ට ජේ ආර් ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තෝරාපත්කරගනු ලබන්නේ එතුමන්ගේ දර්ශනය මතින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අනාගතයaට ඔබින පරිදි ගොඩනැන්වීමේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ අවශ්‍ය තාවය මතයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද ලංකාවේ පවතින සෞඛ්‍යය සේවයේ කැපීපෙනෙන දියුණුවට පුරෝගාමී මෙහෙවර ලබා දුන්නෙ මෙතුමා විසිනි. ග්‍රාමෝදය සෞඛ්‍යය මධ්‍යස්ථාන සහ සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී කාර්යාල හරහා ග්‍රාමීය සෞඛ්‍යය නගාසිටුවීම සහ පවුල් සෞඛ්‍යය සේවාව හඳුන්වාදුන්නේද මෙතුමාගේ මැදිහත්වීමෙනි.

මෛත්‍රීට පෙර මහින්ද රාජපක්ෂ පරාද කල එකම පුද්ගලයා දිවියෙන් සමුගනී.
අද ලංකාවේ පවතින සෞඛ්‍යය සේවයේ කැපීපෙනෙන දියුණුවට පුරෝගාමී මෙහෙවර ලබා දුන්නෙ මෙතුමා විසිනි. ග්‍රාමෝදය සෞඛ්‍යය මධ්‍යස්ථාන සහ සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී කාර්යාල හරහා ග්‍රාමීය සෞඛ්‍යය නගාසිටුවීම සහ පවුල් සෞඛ්‍යය සේවාව හඳුන්වාදුන්නේද මෙතුමාගේ මැදිහත්වීමෙනි.

1989 – 1990 වසරේ කම්කරු අමාත්‍යවරයා ලෙස සේවය කරනු ලබන එතුමන් අද (08) පෙරවරුවේ දිවි සැරිය නිම කරනු ලැබුවේ වසර 84 ක් පුරාවට ආයු වැලදීමෙන් අනතුරුවයි.

එක්සත් ජාතික පක්ෂයට රටට පතාක යෝධයෙක් වූ සරල නිරහංකාර දැවැන්තයානනි ඔබට නිවන්සුව ලැබේවා.