ජනවාරි 8 අද අපට ශෝක දිනයක්!

ජනවාරි 8 අපට සුවිශේෂී දවසක්. 2015 ජනවාරි 8 දුෂිත රාජපක්ෂ පාලනය අහවර කරන්න අපිත් එක්වුණේ අපේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩක් යහපත් බලාපොරොත්තු ඇතුවයි. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් පුළුල් සන්ධානයක් ලෙස බලය ඉල්ලුවේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් එකතු කරලා සම්මුතිවාදී රජයක් මගින් යහපාලනය සහ සංහිදියාව ස්ථාපනය කර සෞබග්‍යමත් රටක් ඇති කරන බවට පොරොන්දු දීලා.

දශක ගණනාවක් තිස්සේ රජයෙන් රජයට ප්‍රතිපත්ති මාරු වෙන රටක් හැටියට එකමුතුව හදන සමගි සන්ධාන රජයක් තුල රටට ස්ථාවර දේශපාලන ප්‍රතිපත්තියක් ගොඩනැගීම ප්‍රයෝගික කරණයක්. නමුත් වසර තුනක් යන්න ප්‍රථම ජනවාරි 8 රටට දීපු පොරොන්දු අමතක කරලා ජනවරමට පයින් ගහලා බල දේශපාලනය තුල ඔළුගෙඩි සෙල්ලම් මගින් බලය අල්ලන්න සම්මුතිවාදී රජය තුල අපි තෝරාගත් නායකයින් ගෙන යන සිතල යුද්ධය රටටම නොරහසක්.

සම්මුතිවාදී රජයක් තුල ප්‍රශ්න ඇතිවීම සමාන්‍ය කාරණයක්. එම ප්‍රශ්නම එවැනි රජයක අවසානය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. අපිට දැනෙන විදියට රජයේ පාර්ශව තුල සිතල යුද්ධයට හේතුව සම්මුතිවාදී රජයේ අසාර්ථක – සාර්ථක භාවය නොව නායකයින් ගේ තිබෙන බල තණ්හාවයි. එම නිසාම එකිනෙක චෝදනා කර ගනිමින් බෙලි කපන දේශපාලනයක යෙදෙමින් ඔහුන්ගේ තීරණ ඔහුන්ට ජනවරම දුන් 62 ලක්ෂයකට සාධාරණිකරනය කරන්න අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජාතික පක්ෂයද යන්න අපිට අදාළ නෑ, රනිල්ද මෛත්‍රීද යන්න අපිට අදාළ නෑ අපි අදාළ ජනවාරි 8 දීපු පොරොන්දු පමණයි. යහපාලනය කියන්නේ වංචා දුෂණ නොවන පාලනයක් නොවේ. යහපාලනයකින් අපට ලැබෙන්නේ වංචනිකයින්ට දුශිතයින්ට පැවැත්මක් නැති රාජ්‍ය පාලනයක්. ඒ අරුතෙන් ගත් කල අද රට තුල යහපාලනය ස්ථාපනය වී තිබෙනවා. ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පණත, 19 – 20 ව්‍යවස්ථා සංශෝධන වැනි විශාල ජයග්‍රණයක් මේ සම්මුති වාදී ආණ්ඩුව දිනාගෙන තියෙනවා. ඉතුරු ජග්‍රහණ සදහා තව වසර 2කක කාලයක් ඉතිරිව තියෙනවා.

කණගාටුව එවන් වට පිටාවකත් අපි තෝරාගත් නායකයෝ ආත්මාර්ථකාමී බල තන්හාව නිසා ජනවරමට පයින් ගහලා කටයුතු කරමින් සිටීමයි. ජනවාරි 8 විප්ලවයට වසර තුනක් ගෙවන මේ මොහොතේ එම විප්ලවයට නායකත්වය දුන් නායකයෝ ඔහුන් වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව කටයුතු කිරීම ඉතා කණගාටුව කරුණක්. එමනිසා මෙදා ජනවාරි 8 අපට ශෝක දිනයක්!

UPFA – A Brighter Future