නාමල්ගේ කියපු ‘ගවර් ගොඩනැගිල්ල’ ලොකුවිතාන කෝටි 40කට අරගෙන!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති බවට මාධ්‍ය ඔස්සේ අන්දොලනයට ලක්වූ කොළඹ 05, ගවර් වීදියේ අංක 07 දරන ස්ථානයේ පිහිටි සුපිරි ගොඩනැගිල්ල ‘පැනමා පේපර්ස්‘හි නම් නම සඳහන් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා විසින් මිලදී ගෙන තිබේ.

ප්‍රසිද්ධ ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට අයිති බවට ගිවිසුම් වල සඳහන් මෙම ගොඩනැගිල්ල 2017.07.02 දින රුපියල් මිලියන 400කට මිළදී ගැනීම සිදුකල බව අදාළ ඉඩමේ ඔප්පුවල සඳහන් වේ. එම ගිවිසුම් සහතික කර ඇත්තේ ඩබ්.සී. එස්. විජේවර්ධන නමැති නොතරිස්වරයෙකි.

 වික්‍රමසිංහලගේ නිවසක් !

කොළඹ කොල්ලුපිටියේ පස්වන පටුමගේ අංක 17/3 නිවසේ පදිංචි ඉශාන්කා වික්‍රමසිංහ නමැත්තකුට හිමිව තිබු මෙම ගොඩනැගිල්ල 2011.08.18 දින රුපියල් මිලියන 175 ක මුදලක් ගෙවා නිමල් පෙරේරා මහතා විසින් මිලදී ගත් බව අදාළ ඔප්පුවල සඳහන් වේ.

පර්චස් 37.22 ක ඉඩම හා නිවස නිමල් පෙරේරා මහතාගේ නමින් මිලදී ගෙන ඇතත් එහි නියම හිමිකරු නාමල් රාජපක්ෂ මහතා බවත්, අයතා ලෙස උපයාගත් මුදල් මෙම මිලදී ගැනීමට යොදාගෙන ඇති බවත් එකල මාධ්‍ය වාර්තාකර තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය ද සිදුවිය.

නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික කාර්යාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබීම හා එම ඉඩම හා නිවාස මිලදී ගැනීමේදී හෝ පසුව නිල මිනුම් කටයුතු (resurveying) කිසිවක් මෙතෙක් සිදු නොකිරීමත් මෙම සැකය තහවුරු කිරීමට හේතුවක් විය.

පසුගියදා සිදුකල පැවරීමට සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති අතර, මහ නගර සභාවේ ලේඛණ වල තවමත් එම නිවසේ හා ඉඩමේ අයිතිකරු ලෙස සඳහන් වන්නේ නිමල් පෙරේරා මහතාගේ නමයි.

 ඇමතියෙක් හා දුෂණ විරෝධියෙක් සම්බන්ධයි !

නිමල් පෙරේරා මහතාගේ නමින් ලේඛණවල සඳහන් මෙම ඉඩම හා ගොඩනැගිල්ල නන්දන ජයදේව ලොකුවිතාන මහතාට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හා දුෂණ විරෝධී ව්‍යාපාරයේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් අතරමැද ‘බ්‍රෝකර්වරුන්’ ලෙස කටයුතු කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා විසින් අයතා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක්‌ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් පවරා ඇති නඩුව මේවනවිටත් විභාග වෙමින් පවතින තත්වයක් තුල, පසුගියදා සිදුකල නව පැවරීමට සම්බන්ධ ඇමතිවරයාගේ බලපෑම් එම විමර්ශන වලට බලපෑමක් වනු ඇතැයි පොලිසිය සැක පළකරයි.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රීකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා, සිමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

 වැඩිවිස්තර බලාපොරොත්තුවන්න ….

 අදාල ලිපි ලේඛන පහත පළවේ.

IMG 3437

IMG 3438

IMG 3439

IMG 3440

IMG 3441

IMG 3442

IMG 3443

IMG 3444

IMG 3445

උපුටාගැනීම : newstube.lk