“නොමියෙන මිනිසුන්”

මේ ඉන්නෙ මේ රට වෙනුවෙන් තමන්ගෙ උපරිමය කැප කරපු කීර්තිමත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්. කොච්චර කැපවීම් කලාද කියන එක මේ රටේ (විකෘති නොකල යුද ඉතිහාසය) දන්නා හැමෝම දන්නවා. මෙයින් එක් අයෙක් තමයි තිස් අවුරුදු සාපය අවසන් කරන්න තමන්ගෙ ඇඟෙන් එලියට පැනල තිබුනු බොකු බඩවැල් අතින් අරන් ගිහින් ඒව ආයෙත් ඇතුලට දාල මස්සවගෙන, අන්තිම වෙනකම්ම පෙරමුණ මෙහෙයවූයෙ.

ඉතින් මේ අයට ජාතියක් වශයෙන් අපි කොයි තරම් අකෘතඥ වුනාද කියනව නම් කාලයක් මේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට හමුදා කඳවුරක උත්සවයකටවත් සහභාගීවීම සඳහා ඇතුළුවීම පවා තහනම් කරල තිබුනා. මේ අය කල වරද තමන්ගෙ හමුදා සේවය අවසන් කරල විශ්‍රාම ගිහින් තමන්ගේ හර්ද සාක්ෂියට අනුව නිවැරදියි කියල තමන්ට හැඟුන දේශපාලන දර්ශණයක් වෙනුවෙන් පෙනී සිටීම.

මේ කාටවත් යුද හමුදාවෙන්වත් ආන්ඩුවෙන්වත් ලබාගන්න කිසිම දෙයක් තිබුනෙත් නෑ. අදටත් නෑ. ඔය පින්තූරෙ ඉන්න විෂේශ බලකායේ ආරම්භක නියමුවෙක් සහ එහි හිටපු බලසේනාධිපතිවරයෙක් වන කර්නල් ජයවි ෆර්නැන්ඩෝ මගෙ ගුරුවරයගෙ කාර්යාලයට අදත් ගියොත්, අදත් එතන ඉන්නව යුද හමුදාවෙ විවිද පුද්ගලික උත්සව සමරු කළාප වගෙ දේවලට අනුග්‍රාහකත්ව ලබාගන්න ගිය අය. මේ අය හමුදාවෙන් කිසිම දෙයක් ගන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. ඉන්න කාලෙ ගත්තෙත් නෑ. ආත්ම අභිමානයක් තියෙන මිනිස්සු. සිoහයො කොහොමත් තනකොළ කන්නෙ නෑනෙ.

එහෙව් ‘උතුම් නොමියෙන මිනිස්සුන්’ ට හමුදා කඳවුරු වලට ඇතුළුවීම පවා තහනම් කරපු ඒ කාලෙ රටේ හිටපු තරම් විහිළු සපයන්නන්ට ඔය කියන හමුදාවේම සම්පත් නීති විරෝදී ලෙස රිසිලෙස අපහරණය කරන්න ලබාදුන්න.
1. හමුදා නිලතල සහ ගෞරව බුහුමන්.

2. හමුදා ආරක්ෂාව. (ජනරාල් ජානක පෙරේරට පැති ආයුධ සමග 6 දෙනෙකුගේ ආරක්ෂාව ලබාදෙන්නය යයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට වත් ගරු කලේ නැති අය, රටටම විහිළු සපයපු අයට සමහර ව්‍යාපාරික හිතවතුන්ට පවා එකී සෙබළුන්ම යොදවමින් ආරක්ශාව ලබාදී තිබුනා.

3. හමුදාවෙ අනිකුත් සම්පත්, තූර්යවාදන කණ්ඩායම් ආදිය යොදාගෙන නිලධාරී නිවස්න වල පැවැත්වූ මධු සාද වල කෙලවරකුත් තිබුනෙ නෑ. ඔය සoචාරක කළාපවල තියෙන හමුදාවට අයිති නිවාඩු නිකේතන වල කෑම බීම පවා ‘සුම්ම’ ලබාදෙමින් ඕන කාලයක් සැපගන්න ඒ වන්දිභට්ඨයින්ට පහසුකම් සැපයූව.

ඉතින් ඔහොම ඒ කාලෙ තමන්ට පක්ශපාත දේශපාලන වන්දිභට්ඨයින්ට හමුදා සම්පත් (ජාතික සම්පත්) රිසිලෙස අපහරණය කරන්න දෙන අතරෙම, තමන්ගෙ ජීවිත කාලයේ අවුරුදු 30 ක් විතර රට වෙනුවෙන්ම සටන් පෙරමුණේ ජීවිත අවදානම ගත්තු විශාල නිලධාරී පිරිසක් කිසිම විනය පරීක්ශණයක් හෝ නොමැතිව ගෙදර යැව්ව 2010 ජනාධිපරණයෙන් පස්සෙ. ඒ අයගෙන් සමහරුන්ට පුද්ගලික අoශයෙ රැකියාවක් වත් ලබාගන්න ඉඩ දුන්නෙ නෑ. හේතුව ෆොන්සේකාට හිතවත්යැයි සැක කිරීම. එහෙම යවපු අයගෙන් වැඩිම පිරිස යුද්දෙදි ෆොන්සේකා මහතා යටතේ වැඩකල කිසිම නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැති අහිoසක මිනිස්සු.

කවුරු කලත් මේව නැවත කවදාවත් මේ රටේ සිදුවියයුතු දේවල් නෙවෙයි. හමුදාව කියන්නෙ සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් විනිර්මුක්තව ක්‍රියාත්මක වියයුතු ආයතනයක්. කරුණාකරල කවදාවත්ම හමුදාවට පක්ශ දේශපාලනය පැත්ත පලාතෙ වද්දගන්න කිසිම ඉඩ කඩක් තියන්න එපා.

ඒ වගේම රටක අසම සම ජාතික මෙහෙවරක් ඉටුකරපු මේ වගේ යුග පුරුශයින්ට මෙහෙම අමානුෂිකව නින්දනීය ගැරහුම් කරන්න කාලෙන් කාලෙට බලයට පත්වෙන දේශ පාළුවන්ට මතු කවදාවත්ම ඉඩ දෙන්නත් එපා.
මේක ලිව්වෙ මේ දවස් වල ජනගත වෙලා තියෙන මේ කලා කරුවන්ට හමුදා නිලතල සහ සම්පත් ලබාදීම පිළිබඳව උද්ගතවී තිබෙන උණුසුම නිසයි

Lieutenant Colonel Channa Karunaratne