ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එපා අසාද් සාලි කොළඹ නව නගරාධිපති ධූරයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බව වාර්තාවේ

මේ පිළිබඳ අසාද්සාලි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැති බවය. කෙසේවෙතත් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය. මේ වන විට ඔහු ජාතික සමගි පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත් ලක්ෂයක් පමණ අනුගාමිකයින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු  ලබන ෆේස්බුක්  පිටුව මගින් අසාද්සාලි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් කොළඹ පුරපති ධුරයට ඉදිරිපත් කරවීම ගැන සිදු කරන මත විමසුමකට ප්‍රතිචාර ලෙස  80% පමණ පිරිසක් අසාද්සාලි එපා ලෙස තම මතය ප්‍රකාශ කර ඇත. එම මත විමසුම පහතින්;