ලැම්බෝගිනි ගැන බොරුපුවත් මවපු ජනාධිපති මාධ්‍ය අංශය නැවත කොලේ ඉරගනී!

මේ දිනවල උණුසුම් පුවතක් වූ ලංකාවට ගෙන්වූ නවීන ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධව බොරුපුවත් නිර්මාණය කර පළකරපු ජනාධිපති මාධ්‍ය අංශය ඒ මෝටර් රථය සැබැවින්ම ආනයනය කල සමාගම CIDය වෙත කල පැමිණිල්ලකට පසුව එම පුවත ඉවත් කරගෙන කණගාටුව  ප්‍රකාශ කර පුවත් පල කර ඇත.

මෙම රථය ආනයනය කරනු ලැබූ EXOTIC CARS (PVT) LTD සමගම මේ වනවිට මෙම අසත්‍ය පුවත නිර්මාණය කර සමාජ ජාල තුල ප්‍රචාරය කල අයට විරුද්ධව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාශය (CID) හමුවේ පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධව පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

අදාල සකස්කරන ලද අසත්‍ය පුවත “රාජපක්ෂලාගේ Lamborghini සෙල්ලම යලිත් කරලියේ.. කුමාරවරුන් සහ හමීඩ්ලාගේ මනී ලොන්ඩරිය (Exclusive / Video & Photos)” ශීර්ෂය සහිතව ජනාධිපති මාධ්‍ය අංශයේ නව මධ්‍ය ඒකකයේ සිට ක්‍රියාත්මක කරන  www.andaharaya.comm නම් පුවත් වෙබ්අඩවිය මගින් විශේෂ පුවතක් ලෙස පලකර තිබුණි. එම වෙබ්අඩවිය ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන හසන් මුසාලි නම් පරිගණක දත්ත ක්‍රියාකරුවෙකු ජනාධිපති  නව මාධ්‍ය ඒකකයේ සම්පත් යොදා ගනිමින් එහි සිට ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානින් ගේ අනුදනුම් ඇතිව ක්‍රියාත්මක කරන බවයි.

 

 

එම පුවත වාර්තා කලේ “ලංකාවට අලුත්ම Lamborghini රථය ගෙනාපු බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජීහාන් හමීඩ් (Jihan Hameed) නමැති කාන්තාව කවුරුන්දැයි සමහරුන්ට අමතකව ඇත.ඇය කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කල නාමල්ගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ හිත දිනාගත් කෙනෙකු වන අතර ඇයගේ සැමියා රිෂාඩ් හමීඩ් වේ.” තව දුරටත් එම පුවතේ “අදාල අලුත්ම Lamborghini රථය ගෙන්විම පසුපස නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂ සිටින අතර කළු සල්ලි සුදු කිරිමේ රාජපක්ෂලාගේ සෙල්ලමේ එක් ක්‍රමයක් වන Lamborghini සෙල්ලම දෙවනි වන්නේ රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ඩිලන්ත මාලගමුව නමට ගෙන්වු Lamborghini රථයට මෙන්ම නාමල්,මහින්දගේ කොටස් විශාල වශයෙන් ඇති මයික්‍රෝ සමාගම ගෙන්වු Lamborghini වලට පමණී.”  ලෙස සඳහන් කර තිබුණි. 

නමුත් දේශපාලනය පිටින් දමා මේ පුවත් ප්‍රචාරණය කිරීම තුල ඇති සත්‍ය අසත්‍ය භාවය මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. සැබවින්ම මේ මෝටර් රථය ලංකාවට ගෙන්වා ඇත්තේ රටේ රාජපක්ෂ පුත්‍රයකු හෝ Bavarian Motors (Pvt) Ltd නමැති සමාගමක්  නොව EXOTIC CARS (PVT) LTD විසින් බව අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධ ලිය කියවිලි ලැබී ඇති අතර ඒවාට අනුව මෙම රථයට සියලු තීරුබදු අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුවට ගෙවා ඇති බව පෙනි යයි. අදාල  මෝටර් රථය  ගෙන්වා තිබෙන්නේ අංක- 171, හැවුලොක් පාර, කොළඹ – 5 යන ලිපිනයේ EXOTIC CARS (PVT) LTD බවට මේවන විට රෙගු දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ නව මාධ්‍ය ඒකකයේ සිට පවත්වාගෙන යනු ලබන අඬාහැරය  වෙබ්අඩවිය CID පරීක්ෂණ හමුවේ ඊයේ දිනයේ (6) ජිහාන් හමිධ් සහ ප්‍රභූ පුතාගේ ලම්බෝගිනියේ ඇත්තම කතාව එලියට!”  තවත්  පුවතක් මගින් සදහන් කරන්නේ එම පුවත අසත්‍ය බවයි. තවද එම පුවතේ “අප විසින් පලකල පුවතේ යම් අතපසුවීමක් සිදුවී ඇති බව හැඟී ගිය බැවින් අපවිසින් අදාල සමාගමට හෝ යම් පුද්ගලයකුට එමගින් සිත් තැවුලක් සිදුවී ඇත්නම් එයට කණගාටුව අප වෙබ් අඩවිය පළකර සිටිනවා.” ලෙස සඳහන් කරමින් මුල් පුවත පලකිරිම වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටි.

කෙසේවෙතත් මිට ඉහතදී ද මෙම වෙබ්අඩවිය සහ ජනාධිපති මාධ්‍ය අංශය අයත් තවත් වෙබ් අඩවි කීපයක් හිටපු නාවික හුමුදාපතිවරයා CIA ඔත්තුකරුවකු ලෙස සදහන් කරමින් ඔහුගේ කිරිතිනාමයට අපහස වන පරිදි පුවත් පල කරන ලදී. එම පුවත මෙතනින්