ගෝඨාබය පට්ට හොරෙක් කියන්නේ ඇයි?

ගෝටාභය ගේ මව්පියන් වෙනුවෙන් ජනතා මුදලින් කෞතුකාගාර ගොඩනැගීම සඳහා වියදම් කල මිලියන 90 ළුණු සිවියක් බවට පත්වන්නේ පහත සඳහන් තොරතුරු දෙසට නෙත යොමු කිරීමෙනි.

මේ රටේ සිදුවූ මහා පරිමාන ගසාකෑම් අතරින් ප්‍රධාන සිදුවීමක් වන්නේ මිග් යානා ගණු දෙනුවයි . එම ගනුදෙනුව කිසිදු අතරමැදියෙකුට අත පෑමට නොහැකි පරිදි ගෝටාභය රාජපක්ෂගේ බලයෙන් ක්‍රියාත්මක වූ අන්ත දුෂිත මගඩියක් ලෙස වාර්තා විය. මිග් යානා ගනුදෙනුව පිලිබදව පන්න පන්නා තොරතුරු සොයා ඒවා රටට හෙළිදරව් කල මාධ්‍යවේදින් වුයේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ඉක්බාල් අතාස් හා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යන දෙදෙනාය. ජනතාවගේ පාර්ශවයේ සිට ඔවුන් තම පෑන මෙහෙය වුයේ මහා පරිමාන ජනතා මුදල් ගසා කෑමක් රටට හෙළි කිරීමටය.

2006 වසරේදී සිදු වූ මේ මහා පරිමාන ගසාකෑමට පදනම වැටුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමට අවශ්‍ය බව එවකට ආරක්ෂක ලේකම් වූ ගෝටාභය විසින් දැනුම් දීමත් සමගය. එම කාලවකවානුවේ මේ රටේ සියලුම හමුදාපති වරුන් ඔහුගේ නිවට ගෝල බාලයන් බවට පත් කර තිබුණි. මහින්ද දේශපාලන බිමේ “රජෙකුට “අඳින විට මලයා සකල ආරක්ෂක බලමුළු තමන්ගේ පහත් උවමනාවන් වෙනුවෙන් දඩමීමා කරගත්තේය. ඔවුන්ගේ අණට කීකරු වී ගසාගෙන යන පල් වතුර පහරින් දෝතක් බී සැනසීමට සියල්ලන්ටම සිදු විය. ප්‍රශ්න කිරීම , සොයා බැලීම යනු මරණ වරෙන්තුව ඉක්මන් වීම බව දැනගත් ඔවුන් , ඒ වෙනුවට නිල ඇඳුමේ තරුපටි ගණන වැඩි කර ගැනීමට ඕනෑම ජඩකමක් කිරීමට සෑදී පැහැදී සිටියේය.

ගෝටාභයට ලැබුණු අසීමාන්තික නිදහසින් පල ප්‍රයෝජනය ගෙන මිග් යානා ගනුදෙනුව ක්‍රියාත්මක කරමින් ප්‍රකෝටි ගණනක ජනතා මුදල් පිල්ලි ගැසීම සිදු කළේය. එය සිදු වූ ආකාරය මෙසේය. 2000 මැයි 25 වෙනි දින MiG-27 යානයක් රුපියල් මිලියන 189 කට ( ඩොලර් මිලියන 1.75 ) තක්සේරු කරමින් යානා හතරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදී ගෙන තිබුණි. එම යානාවන් 1982 සිට 1985 අතර කාලයේ නිෂ්පාධනය කල යානා විය. නැවතත් 2002 ඔක්තෝබර් 24 වෙනිදින එවැනිම තවත් යානා දෙකක් මිලදී ගෙන ඇත.එහි එක් යානයක වටිනාකම රුපියල් මිලියන 172.8 (ඩොලර් මිලියන 1.6)ක් ලෙස තක්සේරු විය. එම යානා ද නිෂ්පාධනය කර තිබුනේ 1984 වසරේදීය . 2006 වසරේ ජුලි මස 26 වෙනි දින ගෝටාභය හා යුක්රේනයේ Bellimissa Holdings සමාගම සමග අත්සන් කල ගිවිසුමට අනුව 1980 නිෂ්පාධනය කල යල් පැනගිය එක් යානාවක මිල ලෙස ඇමෙරිකන් ඩොලර් 2,462,000 ( රුපියල් 1,063,584,000 ) ක් ලෙසට තක්සේරු කලේය. එම ගනුදෙනුවේ ලේඛන කටයුතු වෙනුවෙන් අමතරව ඩොලර් 712,000 (රුපියල් 76,896,000) ගෙවා ඇත. 1985 වසරේ නිෂ්පාධනය කල යානාවකට ඩොලර් මිලියන 1.75 ක් ගෙවන ලද්දේ 2000 වසරේදීය. ගෝටාභයගේ ඒකමතික තීරණයට අනුව 2006 වසරේදී එම යානාවම මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2,46 කටය. ප්‍රශ්නය වන්නේ එම යානාවට අධික මිලක් තක්සේරු කලද නිෂ්පාදන වර්ෂය ලෙස සටහන් වී ඇත්තේ 1980 වසරයි. ගසා කෑමේ තරම මැන බැලීමට නම් මෙම මිල ගණන් දෙක අතර ඇති වෙනස හතර ගුණයකින් ගණනය කල යුතුය. එක් යානාවක් මිලදී ගැනීමෙන් අවම වශයෙන් ඩොලර් 712000 ක් අයථා ලෙස උපයා ගැනීමට දේශප්‍රේමී ආරක්ෂක ලේකම් වරයාට හැකි විය. එය හතර ගුණයෙන් වැඩි කල විට ඩොලර් මිලියන 2,84 ක දැවැන්ත ධනස්කන්ධයක් උපයාගැනීමට ඔහුට හැකි විය.

මෙම ගිවිසුම යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් ලෙස හුවා දැක්වුවද අවසානයේදී එවැනි සමාගමක් ලොවේ කිසිදු තැනක නැති බව විමර්ශන වලදී හෙළි විය. මෙම ගණුදෙනු වේ සියලු තොරතුරු ඉක්බාල් අතාස් හා ලසන්තට ලැබුණු අතර , එය සවිස්තරාත්මක සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවීමට සුදානම් වනවාත් සමගම 2009 ජනවාරි මස 9 වන දින වෙඩි තබා මරා දමන ලදී. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසු කලෙක අධිකරණයට දැනුම් දී තිබේ. මෙම කල්ලිය විසින් මේ සම්බන්ධව වාර්තාකරණයේ නිරත වූ කීත් නොයාර් , උපාලි තෙන්නකෝන් යන අයටද පහර දී තිබුණි. , ඉක්බාල් අතාස් මරා දැමීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වන්නේ ඔහු රහසි ගතව ශ්‍රී ලංකාවෙන් පලායාමත් සමගය. ලසන්ත මිය යන්නේ මේ රටේ ජනතාවට මහා පරිමාන වංචාවක් හෙළි කිරීමේ වරදට ගෝටාභයගේ නියෝගයකට අනුව මහා මග තිරිසන් සතෙකු ලෙස මරා දමමිනි. එයට යුක්තිය ඉටු නොවුනේ මේ රටේ අධිකරණය මුදලට යට වූ නිසාවෙන් බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වී ඇත.

මිග්යානා මගඩියට අමතර හිරගෙවල් සියයක යැවිය යුතු චෝදනා මේ දේශප්‍රේමියාට ඇත. ඉන් කිහිපයක් මෙසේ කෙටි කර දක්වන්නෙමු.

2012 වසරේ සිට 2015 වසර දක්වා වු කාල සීමාව තුළ ඇවන්ගාඩ් නමැති පෞද්ගලික සමාගමකට පාවෙන අවි ගබඩාවක් පත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4ට අධික පාඩුවක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී දී තිබුනද යුක්තිය ඉටු වී නැත.