සින්නයියාට ලබා නොදුන් සේවා දිගුව ජනපති විසින් සිරිමෙවන්ට ලබා දෙයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාස හයක සේවා දිගුවක් ලබාදී ඇත.

නාවික හමුදාපතිවරයාට පෙරේදා (19) වයස අවුරුදු පනස් පහක් සැපිරූ අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඒ මහතාට මෙම සේවා දිගුව ලබාදී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විසි දෙවැනි නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩබාර ගනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මස 26 වැනිදාය