ට්‍රැවිස් සින්නයියාට මඩ ගැසීමට ජනාධිපති මාධ්‍ය අංශය පෙරට එයි. (VIDEO)

අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්යසන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය.

නාවික හමුදා ඉතිහාසය දෙස බලද්දී කපිතාන් ඩබ්ලිව්.ඊ. බැන්ක්ස් 1950 දෙසැම්බර් 09දා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව 21 වැනි නාවික හමුදාපතිවරයා වූ ට්‍රැවිස් සින්නයියා දක්වා සිටි සියලුම නාවික හමුදාපතිවරුන් අඩුම තරමේ වසරක කාලයක්වත් නාවික හමුදාපති ධුරය හෙබවූයේය.

නමුදු අද්මිරාල් සින්නයියා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්නේ හමුදාපති ධුරයේ රැඳී සිටීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන් මසක සේවා දිගුව අවසන්වීම නිසාය.

1962 සැප්තැම්බර් 26දා උපන් අද්මිරාල් සින්නයියාට වයස අවුරුදු 55 සපිරෙන්නේ මෙම සැප්තැම්බර් 26 වැනිදාටය. නාවික හමුදාපති ධුරයේ රැඳී සිටින නිලධාරියකුට වයස අවුරුදු 55 සපුරාලීමෙන් පසුව තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නට නම් සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා විසින් ලබා දෙන සේවා දිගුවක් මත රැඳී සිටිය යුතුය.

ට්‍රැවිස් සින්නයියා මහතාගේ තතු

අද්මිරාල් සින්නයියාට පෙර නාවික හමුදාපති ධුරය හෙබවූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 2015 ජූලි 11දා නාවික හමුදාපති ධුරයට පත්වූ පසුව සිව්වතාවක් සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේය. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මෙම අගෝස්තු 22 ජනාධිපතිවරයා විසින් අවසන්වරට ලබා දුන් මාස හයක සේවා දිගුව අවසන් වී ආරක්ෂක මාණ්ඩලික ධුරයටද පත් කර තිබුණේය.

කෙසේ හෝ මෙසේ ඉවත් කරන ලද ට්‍රැවිස් සින්නයියා මහතා දැන් දරුණු මඩ ප්‍රහාරයකට ලක් වෙමින් පවතී. ඒ මඩ පුවත් වල ට්‍රැවිස් සින්නයියා මහතා හට සේවා දිගුවක් ලබා නොදීම සධාරණය කරනු ලබන්නේ ඔහු ඇමරිකානු ඔත්තු කරුවකු ලෙස චෝදනා කරමිනි. එම පුවතේ (උපුටා ගැනීම) “ට්‍රැවිස් සින්නයියා අප රටේ හිටපු හොඳ නාවුක  හමුදා නිලධාරියෙක්  වුවත් ඔහුගේ ඉදිරි ගමන ගැන නම් සැහීමකට පත්විය නොහැක්කේ, කෙතරම් රටට සේවය කල පුද්ගලයකු වුවත්, රටේ පාවාදී තම ගමන යාමට සැර සෙන නිසාවෙනි.” ලෙස සඳහන් කරමින් අවසන් කර තිබුණි.

පුදුමයට කාරණය වනුයේ ට්‍රැවිස් සින්නයියා පිළිබඳ මෙම මඩ පුවත පල කල අඬහැරය, මහජනතාව, අපි ශ්‍රී ලංකන් බ්‍රෝ සහ කළම්බු ට්රිමබියුන් යන පුවත් වෙබ්අඩවි 4 ම ජනාධිපති මාධය අංශයට සම්බන්ධව පවත්වාගෙන යන වෙබ් අඩවි වීමයි.


nullnull
null

ජනාධිපතිවරයා හට සිය අභිමතය පරිදි ට්‍රැවිස් සින්නයියා හට සේවා දිගුව ලබා දීම හෝ නොකිරීම සිදුකල හැක. කැබිනට් මාධ්‍ය හුමුවේදී ඒ පිළිබද අදහස් පල කල අමාත්‍ය රාජිත සේනාරත්නද ට්‍රැවිස් සින්නයියා මහතා ඇගයීමට ලක්කලේ ඔහුගේ විශිෂ්ඨ සේවාව ගැන කරුණු දක්වමිනි. තවද අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ට්‍රැවිස් සින්නයියා මහතා විශිෂ්ඨ සෙන්පතියෙක් ලෙස සදහන් කරන ලදී.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින්

ට්‍රැවිස් සින්නයා මහතා ඇත්තට රාජ්‍ය ද්‍රෝහියෙක්නම් ජනාධිපතිවරයා විසින් සිදු කලව තිබිය යුතු වුයේ මිට මාස දෙකකට කලින් ඔහු නාවික හමුදාපතිවරයා ලෙස පත් නොකිරීමයි. නමුත් ඔහු එසේ පත්කර මාස දෙකකට පසු විශ්‍රාම ගැනීමට සිදු කර ඔහුට අපහාස වන පරිදි සාවද්‍ය පුවත් ජනාධිපති මාධ්‍ය අංශයේ පුවත් වෙබ්අඩවි හරහා පල කිරීම දැඩි සධාචාර විරෝධී කරුණකි.

ට්‍රැවිස් සින්නයියා පිළිබඳව SL Vlog විසින් තැබූ සටහන