බැසිල්ගේ සියළු සැළසුම් දියාරු වේ..ආණ්ඩුව තුනෙන් දෙකේ බලයෙන් පාර්ලිමේන්තු සබයේ ජයකෙහෙළි නංවයි..

රජය විසින් පළාත් පාළන මැතිවරණය කල් දමනු ලැබුවේ එක් සුවිශේෂී හේතුවක් පදනම් කරගෙනයි.එනම් පළාත් සභා තුල දැනට පවතින කාන්තා නියෝජනය වැඩිකිරීමත් , ඔවුන්ගෙන් රටේ දේශපාලන යාන්ත්‍රණය වෙනුවෙන් කැපීපෙණෙන වෙනසක් සිදුකිරීමත් යන පරම අභිලාෂය වෙනුවෙනුත් ය. මෙතෙක් කල් කාන්තාවගේ අයිතිවාසිකම් සම්භන්ධයෙන් මොරගෙඩි පැලෙන්නට කෑමොර දුන් ඒකාබද්ධ විපක්ෂයේ පිටු 1 ½ ක් වූ කාන්තා නියෝජනය පිළිබද පළාත් සභා පනත වෙනුවට යහපාලන රජය අද ඉදිරිපත් කළේ පිටු 31 කින් සමන්විත අර්ථාන්විත සංශෝදනයකි.

ජනවාරි 08 වනිදා මැදමුලන මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ ඇතිවූ බළපෙරළියේදී බැසිල් නැමති බොරදියේ මාලුබාන්නා, වහාම සාටකය රෙදි වැලේ වනා ළඟම ඇති ගුවන්තොටුපලින් රට හැර ගියේය.එහිදී ඔහු විසින් සිදුකළ සොරකම් විභාගයට , නැවත පැමිණි ඔහු ප්‍රකාශ කළේ මහින්දගේ සියළු පරාජයන්හි වගකීම තමන් බාරගන්නා බවයි.රජය විසින් ඉදිරිපත් කළ සාධාරණ හේතූන් මත මැතිවරණය කල්දැමීමේ මෙම සංශෝදන පණත පරාජය කිරීමට පවා ඔහු විසින් විවිධ මාදිලියේ උපක්‍රම අත්හදා නොබැලුවාම නොවේ. ඒ සඳහා ඔහු අරුන්දික ෆර්නෑන්ඩු නම් එතනෝල් කප්පිත්තා ලවා ඒකාබද්ධ විපක්ෂයට නැති ජවයක් ආරෝපණය කරදෙන්නට වෙර දැරුවේය.ඇමතිධූරය ඇතහැර යළි ඒකාබද්ධ විපක්ෂයට සංක්‍රමණයකිරීම සඳහා කෝටි 15 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන්නේය.නමුත් ප්‍රතිඵලය තිබුණාටත් වඩා අල වී ගියේය.

කතානායකවරයා විසින් සර්ව සාධාරණ තීන්දුවක් ගනිමින්, අවසානයේ රාත්‍රී 08 වනතෙක් පවා ඡන්ද විමසීම දීර්ඝ කළේ දුර බැහැර සිටින මන්ත්‍රීවරුන් හට ද ඡන්දය භාවිතා කිරීමේ අවකාශ සළසා දීමටත් පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට දායකත්වය සැපයීමටත්ය.එහෙත් සිදුවූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ ක්‍රියාදාමයකි. එනම් , කළුතර ප්‍රදේශයේ දුම්රිය මැදිරි වල රත්තරං එකතු කර ප්‍රසිද්ධියක් උසුලන රෝහිත අබේගුණවර්ධන ගේ චරිතාපදාන කෘතිය අද සැඳෑ යාමයේ ජනගත කෙරුණේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි. එයට ආරාධනා ලැබ සහභාගී වූ ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් උත්සවයෙන් පසුව ඇති පදමට සූර් විණි.

ඒ අතර සංශෝදන පණත් කෙටුම්පතට ඡන්දය භාවිතා නොකළ මන්ත්‍රීවරුන් කිහිප පළක්ද විය. පදම ඉක්මවා මත්වීමෙන් සිටි ඔවුන්ගේ අසළට පැමිණි මහින්ද රාජපක්ෂ පැවසූවේ, වහාම පාර්ලිමේන්තුවට ගොස් ඔවුන්ගේ ඡන්දය , පණතට විරුද්ධව භාවිතා කරනා ලෙසයි. එහෙත් එයින් කිපුණු එක් මන්ත්‍රීවරයෙක් රා ගැසූ මීයන් මෙන් සිටි අනික් මන්ත්‍රීවරුන් හට අසෙන ලෙස ප්‍රසිද්ධියේම බැසිල්ට බණින්නට විය.ඔහු එම ස්ථානයේ කෝළහාල කරමින් කෑ ගැසුවේ තමන් තවදුරටත් බැසිල්ගේ උගුල් වලට හසු නොවනා බවත් , තමන්ව පාලනය කිරීමේ බලය රාජපක්ෂ ලාට නොමැති බවත් පවසමිනි.මෙයින් කලබලයට පත් මහින්ද , තම මිතුරු රෝහිත සමඟ එතැනින් වාෂ්ප වූයේ එතැන තවදුරටත් රැඳී සිටිය හැකි මට්ටමක් නොවූ නිසාවෙන්ය.වෙලාව ක්‍රමක්‍රමයෙන් ගතවිණි.

රාත්‍රී 8 පසුවෙද්දී ඡන්දයේ ප්‍රතිඵල ගණන් විණි.ප්‍රතිඵලය උඩුයටිකුරු කරමින් ආණ්ඩුව මෙම පණත ජයග්‍රහණය චන්ද 159 ක් ලබා ගෙන ජයග්‍රහණය කර තිබිණි. එයට සාපේක්ෂව මෙයට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 37 ක් පමණි.ඒකාබද්ධ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනාගෙන් ගීතා කුමාරසිංහ තුවාල ලබා රෝහල් ගතවුණත් ඉතිරිවන අයගෙන් 16 දෙනෙක්ම ඡන්ද විමසුමටම සහභාගී වී නැත.ඒ අතර හිටපු ජනාධිපති , වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද ඇතුලත්ය.තවදුරටත් රාජපක්ෂලාට රට තුල මෙන්ම පාර්ලිමේන්තුව තුලද බලයක් නොමැති බව අද පැවති ඡන්ද විමසුමේදී සැමටම සාක්ෂි සහිතව පසක් කළේය.රට දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට වැටී අවසන්ය.ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පූර්ණ ආශීර්වාදය සහිතවය. එහෙයින් මේ ආණ්ඩුව වට්ටවන ඒකාබද්ධයේ මළබද්ධ සිහිනය හුදෙක් මිත්‍යාවක් බව සියලු දෙනාටම පසක්විය යුතුය.

සටහන – ජේෂ්ඨ මාධ්‍යවේදී රෙජී වෙත්තසිංහ