ජනවාරි 8 සුබ අනාගතයක සිහින දැකපු අපි 20ට එකඟයි – UPFA – A Brighter Future

අපි දන්නා විදියට 2010 ඇරෙන්න දශක 2කක් තිස්සේ බලයට ආපු හැම ආණ්ඩුවක්ම, ජනාධිපති කෙනෙක්ම දුන්න ලොකුම ජන්ද පොරොන්දුවක් විධායක ජනාධිපති කම අහෝසි කරනවා කියන එක. ඒ වගේ සමහරු තම දේශපාලන ගමන පටන් අරගත්තෙත් දේශපාලන පොරක් වුනේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න අරගල කරලා.. බලයට ආපු හැම ජනාධිපතිම පුටුවේ වැඩිවෙච්චි හැටියේ කතා කරන්න අකමැති මාතෘකාවත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන පොරොන්දු දීපු හැමෝම 13+ ගැනත් උඩින් කතා කළා. අනික් පැත්තෙන් ඔය විධායක ජනාධිපතිධුරය එන්න කලින් රටේ මොන ප්‍රශ්න තිබ්බා කියලා අහලා තිබ්බත් දුෂණය ප්‍රශ්නයක් වෙලා තිබ්බ කියලානම් මම අහලා නෑ.. හාල් පොලු, තරුණ අරගල, ආගම් ජාති අතර ගැටුම් තිබ්බත් දුෂණය රටේ ලොකුම ප්‍රශනයක් හෝ ප්‍රශ්නයක් කියලා අහලා නෑ..

අද පළවෙනි පාරට ජවිපෙන් හරි 20 වන ව්‍යවස්ථා සංශෝධනය හැටියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. දුෂණය, භීෂණ රජකරගෙන මිනිස්සු මුලා කරලා පච කෙලලා බලයට ආපු හැමෝම දේශපාලඥයෙක්ම අද තාම කෙලින් නැතත් වහෙන් හොරා හරි තමන්ට කඩේ යන්න වහල්ලු හරහා හරි ඒ යෝජනාවට විරුද්ධ වෙන්න පටන් අරන්.. අවුරුදු 20ක් ජන්ද දිනවන්න හැකි වුන ලොකුම පොරෝදුන්දුව උන විධායක ජනාධිපතිධුරය අහෝසිකිරිම ඒ පොරොන්දුව දෙන කොට ප්‍රශ්නයක් නොකර ගත්ත බොහෝ කරුණු අද විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එකට බාධාවක් ලෙස තර්ක කරන්න ඒ හොරු රොත්තම එකම පෙලට එකතු වෙනවා.. මහින්ද, මෛත්‍රී, චන්ද්‍රිකා ඇතුළු සියලුම හිටපු ජනාධිපති වරුනුත් ජනාධිපති වෙන්න සිහින දිකන සේරමත් දන්නවා මේ රටට කෙවුනේ ඔය විධායක ජනාධිපතිධුරය නිසා කියලා..

දෙමළ සිංහල ප්‍රශ්න නිදහස ලබපු දවසේ ඉදන් තිබ්බත් එක ලෝකේ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් තරම් වර්ධනය වෙන තැනට යන්නෙත් ඔය විධායක ජනාධිපති ක්‍රමය අවට පස්සේ.. ප්‍රජාත්‍රන්තවාදී ලෙස මහජන කැමැත්තට රටක් දුවන්න නැත්නම් ආණ්ඩුවට මහජන අභිලාෂයන් දැනෙන්න තියන එකම බාධාව ඔය විධායක ජනාධිපති ක්‍රමයයි.. පිස්සෙක් විධායක ජනාධිපති නොවුනත්.. පත්වෙන ඕනෑම මනුස්සයෙක් පිස්සෙක් කරන තනතුරක් ඔය විධායක ජනාධිපතිධුරය.. ජන්ද දෙකක් අතර කාලය තුල ආණ්ඩුවක් මිනිස්සුන්ට කිසිම ඇහුම් කමක් නොදෙන්නේ ඔය විධායක ජනාධිපතිධුරය නිසා.. එක පිස්සෙක් පත්වුණාම අවුරුදු 5ක් බලන් ඉන්න ඕනේ එකා අයින් කරන්න.. නමුත් ජනතාවට වගකියන පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක්ට එහෙම බෑ.. දේශපාලකයින්ට වහල් කම් නොකරන සියලු දෙනා 20 වෙනුවෙන් පෙනිහිටින්න ඕනේ.. එත් කණගාටුව මේ රටේ බහුතරයක් දැන හෝ නොදැන දේශපාලකයින්ගේ වහල්ලු.

20 පැරදුනොත් ඒක රටේ අභාග්‍යය.. හැබැයි මේකෙන් එක හොදක් වෙනවා.. මින් මතුවට එන කිසිම ජන්දෙකට විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා 20ට විරුද්ධ වෙන කිසිම දේශපාලන හල්පරුවෙක්ට ජනතාව නොමග යවන්න බෑ..

20ට ජය!

UPFA – A Brighter Future