UPFA – A Brighter Future අපි කොතැනද?

ජනවාරි 8 ජන්දය භාවිතා කරපු මිනිසුන් අතර මුලික වශයෙන් කොටස් 4ක් සිටියා. පළමු කණ්ඩායම යහපාලනයක් සහ සධාරණ සමාජයක් අපේක්ෂාවෙන් වෙනසක් සඳහා ජන්දය පාවිච්චි කල උදවිය. ඉතුරු කණ්ඩායම් මහින්ද වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ජන්දය භාවිතා කල පිරිස් වෙනවා.

පළමු කණ්ඩායම හැරෙන්න ඉතිරි කණ්ඩායම් 3ම ස්ථාවර ජන්ද පදනම් සහිත කොටස්. කරුණු කාරණා මොනවා උනත් ඔහුන්ගේ ජන්දය භාචිත වන්නේ ඒ ඒ අදාල කණ්ඩායම වෙනුවෙන් පමණයි. රටේ අවාසනාවකට ලංකාවේ අතිබහුතරයක් ජන්ද දායකයින් අයත් වන්නේ දෙවනුව සදහන් කල කණ්ඩායම් වලටයි. 58 ලක්ෂයක් ජන්ද ගත්ත මහින්ද පැරදුනේත්, 62 ලක්ෂයක් ජන්ද ගත්ත මෛත්‍රි දිනන්නෙත් ජන්ද ලක්ෂ 2කක වෙනසක් නිසා. හැබැයි ඒ තීරණාත්මක ජන්දයට වගකියන්නේ මුලින්ම සදහන් කල යහපාලනයක් සහ සාධාරණ සමාජයක් අපේක්ෂාවෙන් තම ජන්දය භාචිත කල පිරිසයි.

ජන්ද ලක්ෂ 58 ගත්ත මහින්දට මෛත්‍රි ට වැටුන ජන්ද ලක්ෂ 2කක් වැටුනා නම් මහින්ද කොයි තරම් දුෂිතයෙක් උනත් භිෂණය කරලා තිබ්බත් එදා දිනුම්. ඒ වගේම මෛත්‍රි කොතරම් කැපකිරීම් කළත් සුබ අනාගතයක් සදහා ප්‍රතිපත්ති ඉදිරිපත් කලත් මෛත්‍රිගේ ජන්ද ලක්ෂ දෙකක් මහින්දට වැටුනා නම් 2010 සරත් ෆොන්සේකා හට සිදු ආනිසංස අනුව මෛත්‍රි අද ජිවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුනා.

එදා අපි මෛත්‍රි වෙනුවෙන් සටන් වැදුනේ අපිත් සාධාරණ සමාජයක් සහ යහපාලනයක් සදහා හින දැකපු නිසා. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති අපි ඒ කැපවීම කලේ එක්සත් ජාතික පක්ෂයවත්, රනිල් වත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් බලවේගවත් නිසා නොව හුදෙක්ම මෛත්‍රි කෙරෙහි තැබූ විශ්වාසය නිසාමයි. ජනවාරි 8 සිට අද දක්වාත් අපි මෛත්‍රි හට ශක්තියක් වී සිටින්නේත් මෛත්‍රි අපි සිහින දකින සාධාරණ සමාජයක් සහ යහපාලනයක් මේ රටේ ස්ථාපිත කරයි කියලා ඇති විශ්වාසය නිසයි. එක්සත් ජාතික පක්ෂයේවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් අනාගතය අපට අදාල නැත. අපට අවශ්යස වනුයේ යහපාලනයක් සහ සාධාරණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් පමණි.

මෛත්‍රි පාලනය සහ සම්මුතිවාදී රජය අපට වැදගත් වනුයේ රාජපක්ෂ පාලනයට වෙනස් එකක් නම් පමණි. එසේ නොවන කල්හි අපිට මෛත්‍රිද, මහින්ද ද, රනිල්ද රට පාලනය කරන්නේ යන වග අදාල නොවේ. අපේ අවාසනාවකට අද ජනවාරි 8 දුන් පොරොන්දු ඉටුකරනවා වෙනුවට අප විසින් බලයට ගෙනා දේශපාලඥයින් 2020 ජනපති කමට, අගැමති කමට පිඹුරුපත් තනමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. අපි මෛත්‍රි ප්‍රමුක සම්මුතිවාදී රජයෙන් නිහතමානිව ආයාචනය කරනුයේ දේශපාලන බල අරගල පසෙකලා ජනවාරි 8 පොරොන්දු වූ පරිදි කරන්නට බාර ගත් කර්යය නියමිත අයුරින් සිදු කර අවසන් කරන ලෙසයි. ඔබලා කොතරම් පක්ෂ දේශපාලනය තුල බල සම්පන්න උවත් ජනවාරි 8 මෙන් 2020ටත් ජනවාරි 8ටත් වඩා තිර්ව ලෙස ඊළඟ ජයග්‍රහණයේත් තීරණාත්මක සාධකය වනුයේ ලක්ෂ කිහිපයක සුළුතරයක් වන යහපාලනයක් සහ සධාරණ සමාජයක් වෙනුවෙන් ජන්දය භාවිතා කරන වහල්ලු නොවන බුද්ධිමත් ජන්ද දායකයයි.

මෛත්‍රී යහපාලනයක් වෙනුවෙන් අඛණ්ඩ සෘජු නායකත්වය ලබා දෙන්නේ නම් ඒ යහපාලනය සහ සාධාරණ සමාජය වෙනුවෙන් අපි දිවි හිමියෙන් කටයුතු කරන්නෙමු!

UPFA – A Brighter Future අපි