මෛත්‍රීට ජනවරමක් තියෙනවාද? මෛත්‍රී නිර්පාක්ෂික වියයුතුද? ජනතා මතය

ජනවාරි 8 පොදු අපේක්ෂයා ලෙස සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රාශියක එකමුතුවෙන් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවයාහට පෙබරවාරි 10 පළාත් පාලන ජන්ද ප්‍රතිපලයට අනුව තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිධුරය දරමින් ජනාධිපතිධුරයේ රැදී සිටීමට ජනවරමක් තිබේද? පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවර්ණයට තරඟ මෛත්‍රීපාල සිරිසේන හට සිවිල් සංවිධාන 40කට වැඩි සංඛ්‍යාවක්, නිල සහ නිලනොවන ලෙස UNP, JVP, ජාතක හෙළ උරුමය ඇතළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ බහුතරයක සහය පුළුල් සංධානයක් ලෙස එක්ව ලබා දුන්නා. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂා වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වුයේ දුෂිත රාජපක්ෂ රෙජීමය බලයෙන් පහකර බියෙන් තොර නිදහසේ ජිවත් විය හැකි පරිසරයක් සැදීමයි.

2015 අගෝස්තු මහා මැතිවරණය තුලද නිදහස් පක්ෂයේ බලපෑම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ හට ලබා දුන්නද සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරම අනුව යමින් පැහැදිලිව රාජපක්ෂවරු ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ලෙස ජනතාව වෙත විවෘතව ප්‍රකාශක් නිකුත් කරන ලදී.

ජනවාරි 8න් පසු මහින්ද රාජපක්ෂ පක්ෂයකට නායකත්වය දෙමින් සිදු කල පළමු මැතිවරණය මෙවර පළාත් පාලන මැතිවරණයයි. එහිදී ඔහු නියෝජනය කල පාර්ශවය ලබා ගත් ජන්ද ප්‍රමාණය ජනවාරි 8වඩා ලක්ෂ 8 කින් පහත වැටි තිබුණි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණහට නායකත්වය දෙමින් ජන්දය මෙහෙයවන ලදී. ඔහු පැහැදිලිව වේදිකාවේ ජනවාරි 8 ජනතා අභිලාෂයන්ට අනුකුලව හොරුන්ට දඩුවම් දීම තම ප්‍රධානතම ජන්ද පොරොන්දු කර ගත්හ. තම ආණ්ඩුවේ සිදුවූ අඩුපාඩු මෙන්ම රාජපක්ෂ වරුන්ගේ දුෂණයන්ට විරුද්ධව ඔහු කතා කළේය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස ජනාධිපතිවරයාට ජයග්‍රහණයක් අත්කර ගත නොහැකි විය. එයින් පැහැදිලි වනුයේ ජනාධිපතිධුරය සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනවරම ඇත්තේ පොදු අපේක්ෂකයා ලෙස මිස නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස නොවන බවයි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරමට සම්පුර්ණයෙන් අහක දමා දුෂිත තම නියෝජයන කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රැකගැනීම පිණිස දුෂිත මිනීමරු රාජපක්ෂවරු සමග කතාබහ නිරත වෙමින් සිටි.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ජන්ද ප්‍රතිපලයට අනුව මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂට නායකත්වය දෙමින් තව දුරටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරමට ජනවරමක් ඇද්ද යන්න ප්‍රශ්න කිරීමට ජනවාරි 8 පොදු අපේක්ෂා හට ජන්දය දුන් ජනතාව පෙළබි සිටිනවා. ඒ අනුව UPFA – A Brighter Future ෆේස්බුක් පිටුව මගින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිර්පාක්ෂික විය යුතුද නැද්ද යන්න ජන මත විමසුමක් සිදු කරමින් සිටි. එහි ප්‍රතිපලය පහත පරිදිය. මෙහිදී ඔබටද ඔබේ මතය ප්‍රකාශ කල හැක.

මෙම ප්‍රතිපලයට අනුව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිර්පාක්ෂික නොවන්නේ නම් ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වී නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.