ශ්‍රී ලංකාවට විදෙස් ඇගිළි ගැසීම්

නව ලිබරල්වාදී ගෝලීය දේශපාලන සංදර්භය තුළ ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනයේ සිදුවෙමින් පවත්නා යම් යම් ධ්‍රැවීකරණයන් කෙරෙහි ඉන්දියාවත් එක්සත් ජනපදයත් උනන්දුවෙන් සිටින බව දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපති, අගමැති හා කථානායක වෙන් වෙන්ව හමු වී ඇති අතර අලුත් අග්‍රාමාත්‍යවරයා යැයි හදුන්වමින් කථානායකවරයාට සුභ පතා ඇති බව ද වාර්තාවේ. එසේම එක්සත් ජනපද තනාපතිවරයා ද ආණ්ඩුවේ නායකයන් මුණ ගැසී ඇත.

වඩාත් ප්‍රබල කරුණ වන්නේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ නායකයා විසින් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට සුභ පැතීමත් ඔහු නැවත ජනාධිපති ධූරයේ දිවුරුම් දිය යුතු බව පැවසීමත් ය.

මේ සියළු කරුණු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට කරන විදෙස් ඇගිළි ගැසීම් ලෙස හැදින්විය හැකිය. එසේම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බව ද කිව හැකිය. එහෙත් ගෝලීය දේශපාලනය තුළ ජාතික රාජ්‍යය දියවෙමින් යන මොහොතක මේ දේශපාලන හැසිරීම් කළ මනාකරණය කරගැනීමට කුඩා ජාතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සිදුවේ.

පිලිප් ශාන්ත