ජනාධිපතිතුමණි, මහින්ද විරෝධී ජනවාරි 8 ජනවරම එහෙමමයි! දැන්වත් පොරොන්දු ඉටු කරන්න!

සති 2කක් තිස්සේ ලියපු මේ ලියුම පලකරන්න ඉතා ඉවසීමෙන් මේ මොහොත උදාවන තෙක් බලාසිටියෙමු. මේ ලැබෙන ප්‍රතිපලයත් එක්ක ඔබ තුමන්ට නිර්පාක්ෂික ජනාධිපතිවරයා හැටියට ජනවාරි 8 පොරොන්දු වලින් ඉතිරව ඇති කාර්යභාරය නැවතත් ජවයෙන් යුතුව ඉදිරයට කරගෙන යාමට අවස්ථාව උදාවෙනු ඇත. කිසිම පක්ෂයකට කිසිම නායකයෙකුට සම්මුතිවාදයෙන් පිට ගමනක් නොමැති බවට මෙම ප්‍රතිපලය තුල ප්‍රබල පණිවිඩයක් තිබෙනු ඇත.

ඔබ තුමන් ගන්න සෑම තීරණයක්ම ජනවාරි 8 ඔබ කෙරෙහි විශ්වාසය පලකර ජන්දය භාවිතා කල 62 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් ඔබ ජනාධිපතිවරණ පොදු අපේකශයා ලෙස ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ සිද්ධ කිරීම වෙනුවෙන් බට අප හොදින්ම දනිමු. එහෙත් එම සමහරක් තිර්ණ නිවැරදි හා සධාරණ ඒවා නොවුයේ ඔබ වටේ සිටින හොරු, දෙපිටකාට්ටුවන් සහ වෙනත් දේශපාලන අරමුණු කෙරෙහි ක්‍රියා කරන පුදගලයන් නිසාවෙනි

ජනතාව ඔබට රට තුල යහපාලනක් ඇතිකිරීමට ජනවරමක් ලබා දුන්නද ඔබට එය ක්‍රියාවට නැංවීමට සිදුවුයේ තනිවමය. අගමැති රනිල් වික්‍රමසිංහ හොරෙක් නොවුනත් හොරුන් ආරක්ෂා කරන්නෙක් හොරුන්ට අනුබල දෙන්නෙක් බව ඉතා පැහැදිලි කරුණකි. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද පරාජය හුමුවේ යහපලයනට බියෙන් ජනතාව මුලා කරමින් ඔබ ජනාධිපති ලෙස පත්වූ දවසේ සිට ඔබේ කකුලෙන් අදින්නට විය. ඔහු හුදෙක් දේශපාලනයේ නිරත වන්නේ ඔහු සහ ඔහුගේ පවුලේ දුෂණ චෝදනා හුමුවේ ආරක්ෂා වීමට පමණකි. ඔබව බලයට ගෙන එක්සත් ජාතික පක්ෂය වැඩි දවසක් නොගිහින් ඔබ දියෙන් වෙන්කිරීමට උත්සහ කල කිරිවලට ගොම කවලම් කලේ මහා බැංකු බැදුම්කර වංචාවට ඉඩ තබමිනි. ජනාධිපතිවරණය අවස්ථාවේ ඔබට සහය දැක්වූ සිරස ඇතුළු බොහෝදෙනා ඒ වෙනුවෙන් ඔබෙන් මස් රාත්තලම ඉල්ලන්ට විය. ඔබට සහයට ඔබවටා එක්වූ අති බහුතරක් ඔහුන්ගේ පෞද්ගලික නියායපත්‍ර වලට ක්‍රියා කරන්නට විය. පාර්ලිමේතුව නියෝජන කරන අතිබහුතරයක් යහපාලනය අමතක කර අශුද්ධ පලනයක් නිරත විය. ජනතා විමුක්ති පෙරමුණ වුවද ඔබ ශක්තිමත් කර යහපාලනය ස්ථාපනය කරනවා වෙනුවට බලය වෙනුවෙන් සුපුරුදු දේශපාලන ක්‍රියාවන්හි නිරත වුනා. එවන් පසුබිමක ඔබ පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය එකවර අහෝසි කිරීම අවධානමක් විය. විධායක ජනාධිපති ක්‍රමය මුලින් අහෝසි කලේ නම් ඔබ පොදු අපේක්ෂයා ලෙස ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීම ඔබට සම්පුර්න කිරීමේ අවස්ථාව එදාම ගිහිහෙන්නට තිබුණි.

විධායක ජනාධිපති කම ලැබුනට ව්‍යවස්ථාදායකයේ සයෝගයෙන් තොරව ඉටිගෙඩියක්වත් කිරීමට අපහසුවීම ප්‍රයෝගික කරුණකි. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් හැටියට ජනතාවට ලබාදුන් දහසකුත් යහපාලන පොරොන්දු ඉෂ්ඨකිරීම ඔබ ඉදිරියේ තිබුණු විශාලතම අභියෝගයයි. ව්යවස්ථාදායකය මගින් වැඩ කරවා ගැනීමට ඔහුන්ට නිරන්තරයෙන් සන්තෝසම් දෙන්න සිදුවිය. ඔබේ තනි කැමැත්තට පාර්ලි්මේන්තුවට දුෂිතයන් ඇතුළු වීම හෝ අඩුම තරමේ අඩු අමාත්‍යධුර සංඛ්‍යාවක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමද ඔබට අභියෝගයක් විය. ඔබේ ජනාධිපති මැතිවරණ පොරොන්දුවක් වූ සම්මුතිවාදී සර්වපාක්ෂික රජයක් බිහිකිරීම වෙනුවෙන් ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වය ගැනීමට සිදුවිය. එය වැරද්දක් ලෙස දකින කිසිවෙකුට ඔබේ පොරොන්දුව ඉෂ්ඨ කිරීමට වෙනත් විකල්ප යෝජනාද නොවිය. ඔබ ජනතාව ලබාදුන් ජනවරම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට කල පරිත්‍යාගය කැපවීම සුළුපටු නොවන බව්අපි දනිමු. ඔබට පාර්ලිමේන්තු මැතිවරණයේදී දුෂිතයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජ ලබාදීමට සිදු විය. එහෙත් ඔබ ජුලි 14 රටම අමතමින් විවෘතව ආයාචනා කර කියා සිටියේ දුෂිත දේශපාලඥයින් පර්ලිමේන්තු නොයවන ලෙසයි. නමුත් ජනතාව එම දුෂිත දේශපාලකයින් නැවත පාර්ලිමේන්තුවට තෝරා පත්කළේය. ඔබ ඔබට හැකි උපරිමයෙන් සැම අවස්ථාවකම යහපාලනයක් වෙනුවෙන් කටයුතු කළා. ඔබ යහපාලනය ඇතිකිරීමට තීරණ ගැනීමේදී ඔබ ඉදිරියේ තිබුණු මාර්ග වලින් සාපේක්ෂව යහපත් මාර්ගය නිතැතින් තොර ගත්තා. ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් නැවත පත්කර ගැනීමට ඔබට සිදුවුයේ නිදහස් පක්ෂය තුල බල තුලනයට ඔබට මහින්දට එරෙහිව පක්ෂය තුල භර අවිකිපයක් අවශ්‍ය බව නිසා බව අපි එදත් තේරුම් ගත්තෙමු. ඔබ ජනතාව විශ්වාස කලත් ජනතාව මතුපිටින් ඔබේ තීන්දු තීරණ දෙසබලා ඔබේ දෝෂදර්ශනයට ලක් කර විවෙචයන කළා.

නිර්පාක්ෂික අපේක්ෂයෙක් ලෙස ජනවරමක් ලැබූ ජනාධිපති වරයෙක් හැටියට ඔබ තුමන් හට පැවරුණු රාජකාරිය සිදුකල හැක්කේ සම්මුතිවාදී රජ්‍යය විවුහයක් තුල පමණි. අතිබහුතරයක් දුෂිතයන් සිටින පාර්ලිමේන්තුවක ඔබට ජනතා අභිලාෂයන් ඉෂ්ඨ කිරීමට සිදුව ඇත්තේ අසාමාන්‍ය සහ අසම්මත ආකාරයෙනි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇතිවුව හොත් සිදුවනුයේ 2002 -2004 චන්ද්‍රික බණ්ඩාරනායක ජනධිපතිවරියට සිදුවූ දේමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඇතිවුහොත් එහිදී ඔබට ආණ්ඩුව ආරක්ෂා කිරීමට බලය රැකගැනීමට ඔබේ කණ්ඩායම පිනවීමට සන්තෝසම් මෙන්ම ඔහුන්ගේ වැරදි දෙස අහක බලා සිටීමට සිදුවනු ඇත. එය තේරුම් ගත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී කසිම තනි පක්ෂයකට ආණ්ඩු පිහිටු වීමට ජනවරමක් ලබා නොදුනි.

එලෙස මෙම මැතිවරණයේ ජන්ද ප්‍රතිපලදීද තනි පක්ෂයකට පැහැදිලි බහුතර (50% වැඩි) බලයක් හිමි නොකරනු ඇත. එම තත්වය උදාකිර්මට අවශ්‍ය පසුබිම ඇතිකිරීමට ඔබ තුමන් කල කැපවීම සුවිශේෂී එකකි. කෙසේවෙතත් දැන් ඔබට ඉතුරුව ඇත්තේ ඔබට ලැබුණු ජනවරමෙන් වසර 2කකටත් අඩු කාලයකි. ඔබ නැවත වරක් ජනාධිපතිධුරය කෙරෙහි තරග නොකළත් අඩුම තරමින් දුෂ්කර පොරොන්දු ඉෂ්ඨ කල ජනාධිපතිවරයකු ලෙස ඉතිහාස ගත විය යුතුය. එසේ කිරීමට ඔබ ඔබට ලැබුණු ජනවරම සහ ජනතාව විශ්වාස කර තීරණ ගත යුතුය. එලෙසම මෙවර ජන්ද ප්‍රතිපලයද ඔබ නිවැරදිව තේරුම්ගෙන රටේ අතිබහුතරයක් ජනවාරි 8 මෙන් රාජපක්ෂි විරෝධීන් බව හඳුනා ගත යුතුය. එසේනම් ජනවාරි 8 ඔබ 62 ලක්ෂයක් වෙනුවෙන් දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීම පාට පක්ෂ භේදයකින් තොරව හිතවතුන් ඥාතීන් අමතක කර සෘජු තීරණ ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතුය. ඔබ එසේ ක්‍රියා කරන විට කාලයාගේ ඇවෑමෙන් ඔබව තෝරාගත් 62 ලක්ෂයක් ජනතාව පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයින් ඔබ වට පෙළගැසෙනු නියතය.

UPFA – A Brighter Future
28/01/2018