හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ – විදේශ අමාත්‍යංශය

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් අද (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

මේ පිළිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒඅතර හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීයේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණය එසේම සිදුකර කරන ලෙසත් පරීක්ෂණය සිදුකළ බි‍්‍රගේඩියර්වරයාග් සේවය ද යළි පිහිටුවන ලෙසටත් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශකයවරයා සඳහන් කළේය.

ඉකුත් (4) වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතු වලින් ඉවත් කර තිබුණි.

Source 1 – ලංකාදීප
Source 2 – ලංකාදීප