මහින්ද – රනිල් අශුද්ධ සංධානයක්

ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සදහා ජනාධිපතිවරයා කියන නොමේරූ කතා ලැජ්ජා සහගත ය. එහෙත් එක කදවුරක හොරුන් පරාජය කිරීම සදහා තවත් කදවුරක හොරුන් හා අලුත් ආණ්ඩු සාදන්නට යෑම ජනාධිපතිවරයාගේ ආචාර ධාර්මිකතාව පරීක්ෂාවට ලක් කරන්නකි.

ඔහු ආණ්ඩු කඩන්නට හදන්නේ මහ බැංකු වංචාව නිසා ය. එහෙත් අලුත් ආණ්ඩු හදන්නට මහන්සි වන්නේ ද වංචාකරුවන් සමග ය. ඔහුම පත් කළ ජනාධිපති කොමිසමකින් නිර්දේශ කළ පරිදි හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් අපරාධමය වරදක් සිදු කර ඇත. ජනාධිපතිවරයා මේ අලුත් ආණ්ඩුව හදන්නට උත්සාහ ගන්නේ එහෙව් වරදකරුවකු සමග ය.

කොහොම උනත් රාජපක්ෂ කල්ලිය ජනාධිපතිවරයාගේ කතාව නිසා මහත් ප්‍රබෝධයට පත්ව සිටී. ඔවුන් රනිල් එළවිය යුතුය යන්න උත්සර්ගයට නගමින් තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීම සදහා සූදානම් වේ.

ජනාධිපතිවරයා උපක්‍රමශීලී වෙමින් ගෝටාභය රාජපක්ෂව අගමැති කරමින් අලුත් ආණ්ඩුවක් හැදුවොත් ඔහු විසින් ජනවාරී 08 දා මහජන අභිලාශයන් පාවා දුන්නේ වුවද රාජපක්ෂ කදවුර අර්බූදයකට යැවිය හැකිය.

එහෙත් එවැන්නක් වුවහොත් මහින්ද – රනිල් අශුද්ධ සංධානයේ පහරදීමට ජනාධිපති මෛත්‍රීපාල ලක්වනු නියත ය.

කේ.ජී.පිලිප් ශාන්ත